Update: නත්තල් පණිවුඩයටත් ගෙවන්න වෙලා. - හිටපු ජනපති මහින්ද

Friday, 30 October 2015 - 10:26

Update%3A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණවලට අනුව තම නත්තල් පණිවුඩයටත් මුදල් ගෙවීමට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, අද එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද යළිත් බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රචාරණ කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දැන්වීම්වලට අදාළව මුදල් නොගෙවීමේ සිද්ධියට අදාළවයි. ඔහු අද පැය 3කට ආසන්න කාලයක් කොමිසම තුළ රැදී සිටියා. මේ අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රචාරය කළ දැන්වීම් සඳහා ගෙවිය යුතු මුදලට වඩා රුපියල් ලක්ෂ 977ක් වැඩිපුර ගණනය කර ඇති බව ද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අද කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සිසිර ජයකොඩි පැමිණ සිටි බවයි එහි සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.



Update: Friday, 30 October 2015 - 19:26
------------------------------------
මහින්ද අදත් ජනාධිපති කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (30) යළිත් බරපතල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දැන්වීම්වලට අදාළව මුදල් නොගෙවීමේ සිද්ධියට අදාළවයි. අදත් මේ සම්බන්ධයෙන් මහජන සාක්ෂි කැඳවීම සිදුකෙරෙනවා. ඊයේ දිනයේත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, උදිත් ලොකු බණ්ඩාර, සිසිර ජයකොඩි, පැමිණ සිටි බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපති කොමිසම අද උදෑසන හිටපු ජනාධිපතිවරයාට තේ පැන් සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා.

ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම, පසුගිය සැප්තැම්බර් මස 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවසට ගොස් මුල්වරට ප්‍රකාශයක් ලබාගත්තා. ඉන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, ජනාධිපති විමර්ශන කොමිසම සිදුකළ පළමු මහජන සාක්ෂි විමසීමේ අවස්ථාවට පසුගිය 10  වනදා හිටපු ජනාධිපතිවරයා සහභාගි වුණා.

කෙසේ වෙතත් එදින කොමිසමේ කටයුතු අතරමග අත්හිටුවීමට සිදුවූයේ හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයන් කොමිසමේ සංයුතිය පිළිබඳව එල්ල කළ මූලික විරෝධතාවක් හේතුවෙන්. එහෙත් පසුව, කොමිසම තීන්දු කළේ සාක්ෂි විභාගය අඛන්ඩව පවත්වාගෙන යාමටයි.

නැවතත්, පසුගිය 11 වනදා පෙරවරුවේ කොමිසම රැස්වූ අතර, එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා සහභාගි වුණා. මීට අමතරව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තද ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories