HNDA සිසුන්ට සිදුකළ පොලිස් පහරදීමට එරෙහිව රට පුරා විරෝධතා

Friday, 30 October 2015 - 12:56

HNDA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ පැවැත්වූ විරෝධතාවයට එක්වු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශවයන් රැසක් දැඩි විරෝධය පළ කරනවා. දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන, වෘත්තීය සමිති සහ ජනතාව සිසුන්ට එල්ල වූ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර, ඊට එරෙහිව රට පුරා විරෝධතා ව්‍යාපාරද පැවැත්වුණා.

අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ පැවැත්වූ විරෝධතාවයේදී පොලිසිය සිදුකළ පහරදීම්වලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 09 දෙනෙකු තුවාල ලැබූ අතර, එහිදී පොලිස් නිලධාරීන් 06 දෙනෙකුද තුවාල ලබා තිබුණා. පසුව අත්අඩංගුවට ගත් සිසුන් 39 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද ඇප මත මුදා හැරීමට නියෝග කළා.

කෙසේ වෙතත්, අද පොලිස් මූලස්ථානයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදුන් බවයි.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා. ඔහු කියා සිටියේ උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ගේ ඉල්ලීම් ලබාදීමට එකඟත්වය පළ කර තිබියදී මෙවැනි විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ පැවැත්වූ ශිෂ්‍ය විරෝධතාවයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපනට උපදෙස් දී තිබුණා. ඒ අනුව අමාත්‍ය තිලක් මාරපනද මේ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව එම අමාත්‍යාංශය අද නිවේදනය කළා.

මේ අතර, පොලිසිය සිසුන්ට කළ මෙම පහරදීමට විරෝධය පළ කරමින් අද දිවයින පුරා ප්‍රදේශ රැසක විශ්වවිද්‍යාල සිසුන් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ සිසුන් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබුණා.

මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් මෙන්ම ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ද අද විරෝධතාවල නිරත වුණේ උසස් තාක්ෂණ ගණකාධිකරන පාඨමාලාව හදාරන සිසුන්ට ඊයේ සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින්.

උපාධි සමානාත්මතාව නැවත බලාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව හදාරන සිසුන් ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදීද මාධ්‍යවේදීන් සිසුන්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු කියා සිටියේ මෙම සිද්ධිය හෙළා දකින බවයි.

මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඉදිරියේදී මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories