ලොව ප්‍රබලතම මිසයිල පද්ධතිය සල්ලි දීලා ගන්න හදන රට මෙන්න

Friday, 30 October 2015 - 13:16

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දැනට ලෝකයේ නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම බැලිස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා. එස් 400 ලෙස නම් කර ඇති මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය නිර්මාණය කර ඇත්තේ රුසියාවයි. එම යුධෝපකරණ මිලදී ගැනීම සඳහා ඉන්දියාව මීට පෙර ඇණවුම් කර තිබූ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් සිය රුසියානු චාරිකාවේදී ඒ සඳහා අවසන් තීරණයකට එළඹෙනු ඇති. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හෙට රුසියාව බලා පිටත් වන අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ලබන දෙසැම්බර් මාසයේ රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories