Update: මන්දිරවලට බද්දක් අය කිරීම බලාත්මකයි

Friday, 30 October 2015 - 17:03

Update%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවේ සම්මත වූ මූල්‍ය සහ බදු පනත් 6කට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා. මෙම පනත් පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ පසුගිය 20 වන දායි. ඒ අනුව දේශීය ආදායම් බදු සංශෝධන පනත, ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු සංශෝධන පනත ඊට අයත්. එසේම ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනතට, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට සහ මුදල් පනතකට ද කථානායකවරයා අද අත්සන් කළ බව කථානායක කාර්යාලය නිවේදනය කළා.

මෙම මුදල් පනත තුළ අතුරු අයවැයෙන් අති සුඛෝපභෝගී නිවාසවලට අය කිරීමට යෝජනා කළ මන්දිර බද්ද ද ඇතුළත් වන බව සදහන්. රුපියල් මිලියන 150කට වැඩි වටිනාකමක් හෝ වර්ග අඩි 10,000කට වැඩි 2000 වසරේ අප්‍රේල් 1 වන දාට පසු ඉදිකළ නිවාසවලින් වාර්ෂිකව රුපියල් මිලියනයක බද්දක් අය කිරීම එමගින් සිදුවනවා. මෙය වාරික 4කින් ගෙවීමට හැකි වන අයුරින් ක්‍රියාත්මක කෙරෙන බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් ලෙස බලාත්මක වන්නේ කථානායකවරයා අත්සන් කළ පසුයි. ඒ අනුව 8 වන පාර්ලිමේන්තුවේ සම්මත වී ක්‍රියාත්මක වන පළමු වන පනත් 6 ලෙස ද කථානායකවරයා අද අත්සන් කළ පනත් 6, සැලකිය හැකියි.


Update: Friday, 30 October 2015 - 19:03
------------------------------------------------
පාර්ලිමේන්තුවේ සම්මත වූ මූල්‍ය සහ බදු පනත් 6කට කථානායකවරයා අත්සන් කරයි

පාර්ලිමේන්තුවේ සම්මත වූ මූල්‍ය සහ බදු පනත් 6කට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා. මෙම පනත් පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ පසුගිය 20 වන දායි. ඒ අනුව දේශීය ආදායම් බදු සංශෝධන පනත, ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු සංශෝධන පනත ඊට අයත්. එසේම ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනතට, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට සහ මුදල් පනතකට ද කථානායකවරයා අද අත්සන් කළ බව කථානායක කාර්යාලය නිවේදනය කළා. මෙම මුදල් පනත තුළ අතුරු අයවැයෙන් අති සුඛෝපභෝගී නිවාසවලට අය කිරීමට යෝජනා කළ මන්දිර බද්ද ද ඇතුළත් වන බව සදහන්. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් ලෙස බලාත්මක වන්නේ කථානායකවරයා අත්සන් කළ පසුයි. ඒ අනුව 8 වන පාර්ලිමේන්තුවේ සම්මත වී ක්‍රියාත්මක වන පළමු වන පනත් 6 ලෙස ද මෙය සැලකිය හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories