සිසුන්ට පහරදීම ගැන පොලිස් කොමිසමෙනුත් පරීක්ෂණ

Saturday, 31 October 2015 - 13:10

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී ඊට එක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සඳුදා දින ස්වාධීන කමිටුවක් ද පත් කරන බවයි. සිසුන්ට පහරදෙන අවස්ථාවේදී රාජකාරියේ නිරත ඉහළ පොලිස් නිලධාරින් ද කොමිසමට කැඳවා එදිනට විමර්ශනයක් සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ස්වාධීන මානව හිමිකම් කොමිසමක් සහ ජාතික පොලිස් කොමිසමක් පත් කර ඇති බැවින් ශිෂ්‍යයන් සිදුකළ පොලිස් පහරදීම ගැන ස්වාධීන පරීක්ෂයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි. එම සිද්ධීයේදී නිීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් පිළිබඳව මෙන්ම, කැරලි මර්දන පොලිසියේ ක්‍රියාකාරකම් ගැන සොයා බැලිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම අවධාරණය කළා.

පසුගිය බ්‍රහස්පතින්දා අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවක නිරත වුණා. එම අවස්ථාවේදී පොලීසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළ අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇප මත මුදා හැරියා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී පොලිස් මූලස්ථානය මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදුන් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා. ඔහු කියා සිටියේ උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ගේ ඉල්ලීම් ලබාදීමට එකඟත්වය පළ කර තිබියදී මෙවැනි විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ ශිෂ්‍ය විරෝධතාවයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපනට උපදෙස් දී තිබුණා. ඒ අනුව අමාත්‍ය තිලක් මාරපනද මේ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ අතර, පොලිසිය සිසුන්ට කළ මෙම පහරදීමට විරෝධය පළ කරමින් ඊයේ දිවයින පුරා ප්‍රදේශ රැසක විශ්වවිද්‍යාල සිසුන් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ සිසුන් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබුණා. එමෙන්ම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට එක්වු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශවයන් රැසක් දැඩි විරෝධය පළ කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories