ජනපති මෛත්‍රීට තායිලන්තයේ උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

Sunday, 01 November 2015 - 19:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සිව් දින නිළ සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (01) පස්වරුවේ බැංකොක් නුවර ස්වර්ණභූමි ගුවන් තොටුපළේදී තායිලන්ත උප අගමැති ෂොන් - කිබ් -ටිටක් විසින් පිළිගනු ලැබුවා. එම අවස්ථාවට තායිලන්ත රජයේ අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද සහභාගි වී තිබෙනවා.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සහ මහියංගන රජමහා විහාරාධිකාරී පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය වෙත වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා වෙනුවෙන් ගුවන් තොටුපළේ සංවිධානය කර තිබූ විශේෂ ආගමික වැඩසටහනකට ද ජනාධිපතිවරයා සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එහිදී තමා ඇතුළු සිය ජනතාවට මහියංගන රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය ද පුද කර තිබෙනවා.
























 මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ශෝක පණිවුඩයක් යොමු කරමින් ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ රුසියානු ගුවන් යානා අනතුර පිළිබඳව සිය ශෝකය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජනතාව සහ රජය - රුසියානු ජනතාවට සහ රජයට ශෝකය ප්‍රකාශ කිරීමට තමා සමග එක්වන බව ද එම පණිවුඩයේ සදහන්. එමෙන්ම අපගේ ශෝකය මෙම බිහිසුනු ඛේදවාචකය ගැන දුක් වන රුසියානු ජනතාව සමඟ ද බෙදා හදා ගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝක පණිවුඩයෙන් සඳහන් ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories