කරාපිටිය රෝහලේ සේවකයෙකුගේ මළ සිරුරක් කාණුවකින් හමුවෙයි (ඡායාරූප)

Monday, 02 November 2015 - 14:53

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  සාත්තු සේවකයෙකුගේ මළ සිරුරක්, ගාල්ල කරාපිටිය මාර්ගයේ හිරිඹුර ප්‍රදේශයේ මාර්ගය අසළ  කාණුවක තිබිය දී අද (02)උදෑසන සොයාගෙන තිබෙනවා. මිය ගිය අය මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි  59 හැවිරිදී අයෙක්.

මොහු දින 10ක් නිවාඩු ලබා ඊයේ යළි සේවයට වාර්තා කර තිබෙනවා. ඊයේ දින සේවය නිමවා  හෙතම පිටවගොස්   ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මරණයට හේතුව අනාවරණ වී නැහැ.



























(ඡායාරූප - රොෂාන් පියතිලක)

මේ අතර පොල්ගොල්ල ජලාශයේ වේල්ල අසල තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) පෙරවරුවේ පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. 45 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙම පුද්ගලයා මීට දින 3 කට පෙර නිවසින් අතුරුදන්ව සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories