හිටපු මන්ත්‍රීවරුන්ට නිල නිවාස භාරදීමට රජයෙන් තවත් මාසයක්

Monday, 02 November 2015 - 18:37

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ට ඉදිරි මාසයක කාලයක් තුළ ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් 25 දෙනෙකු පමණ පසුගිය සතිය වනවිට නිල නිවාස භාරදී නොමැති බවටයි වාර්තාවී තිබුණේ.

කෙසේ වෙතත් ලිඛිත දැනුම්දීමෙන් පසු මේ වනවිට බොහෝ හිටපු මන්ත්‍රීවරුන් ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් නිල නිවාස භාරදී ඇති බවද අමාත්‍යාංශයේ එම ප්‍රකාශකයා සඳහන් කළා.

 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මෙම ලිඛිත දැනුම්දීමට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් නිල නිවාස භාර  නොදෙන හිටපු මන්ත්‍රීන්ට එරෙහිව නීිතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 මේ අතර නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමේ දුෂ්කරතාවක්ද මේ වනවිට උද්ගත වී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. ඊට හේතුව බොහෝ මන්ත්‍රීවරුන් නිල නිවසක් සඳහා ඉල්ලීම් සිදුකර තිබීමයි.

 කෙසේ වෙතත් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම නිල නිවාසයක හිමිකමක් පවතින අතර  කෙසේ හෝ නිල නිවාස ගැටළුවට විසඳුමක් ලබාදීමට කඩිනම් වැඩපිළිවෙලක් වෙත යොමුවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories