මීරියබැද්දේ නිවාස අහිමිවූවන්ට ජනවාරියට පෙර නිවාස

Monday, 02 November 2015 - 19:39

%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83
බදුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද නායයාමෙන් අවතැන් වූ සියලූ පවුල්වලට ලබන ජනවාරි මාසය අවසන් වීමට පෙර නිවාස ලබාදීමට බලාපොරොත්තු වන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. අද පස්වරුවේ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

2014 වසරේ ඔක්තෝම්බර් 29 වනදා මීරියබැද්ද මෙම නායයාමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගිය අතර, වතු නිවාස 63 ක් විනාශයට පත්වුණා. නායයාමට වසරක් ගතවී තිබියදීත් තවමත් නිවාස ලබානොදුන් බවට පවසමින් අවතැන් කඳවුරුවල සිටි පිරිස් ඊයේ දිනයේදී බණ්ඩාරවෙල නගරයේ විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන අමාත්‍යාංශය කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්  කියා සිටියේ මේ වනවිටත් නායයාමේ අවදානම් පවතින දිස්ත්‍රික්ක 10 ක් හඳුනාගෙන ඇති බවයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානම වැඩි වශයෙන් පවතින බව ද ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories