රුසියානු මගී ගුවන් යානය කඩා වැටුණේ, ත්‍රස්ත ප්‍රහාරයකින් දැයි සැකයක්

Monday, 02 November 2015 - 20:00

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%9A%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේදී තම මගී ගුවන් යානය අනතුරට ලක්වූයේ බාහිර ක්‍රියාකාරකමක් හේතුවෙන් බව ඒ - 321 වර්ගයේ එම ගුවන් යානය හිමි කොගලයිමාවියා ගුවන් සේවය ප්‍රකාශ කලා. පසුගිය සෙනසුරාදා සිදුවූ එම ගුවන් අනතුරෙන් පුද්ගලයන් 224 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන් 217 දෙනෙක් රුසියානු සංචාරකයන්. ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අඩි 30,000කට ඉහළ අහසේදී සිදුවූ මෙම අනතුරට එකම හේතුව ලෙස සැලකිය හැක්කේ බාහිර ක්‍රියාකාරකමක් බව ගුවන් සේවයේ අදහසයි. කෙසේ නමුත්, යානයේ කළු පෙට්ටි පරීක්ෂා කොට ඒ පිළිබඳ නිගමනයකට පැමිණිය යුතු බව විශේෂඥයන් පෙන්වා දෙනවා. රුසියානු ගුවන් යානය කඩා වැටීමට හේතුව ත්‍රස්තවාදී ක්‍රියාවක් ද යන්න ප්‍රතික්ෂේප නොකරන බව ක්‍රෙම්ලිනේ ප්‍රකාශකයෙකු ද සදහන් කළා.

මේ අතර,  අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි රුසියානුවන් 144 දෙනෙකුගේ මළ සිරුරු අද උදෑසන නැවතත් රුසියාවට රැගෙන ගොස් තිබෙනවා. රුසියානු රජයට අයත් ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම සිරුරු ශාන්ත පීටර්ස්බර්ග් නුවරට රැගෙන ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුව ඒවා ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ආදාහනගාරය වෙත රැගෙන යන අතර ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories