වකුගඩු රෝගයට දිවි නැගුමත් සම්බන්ධයි

Tuesday, 03 November 2015 - 7:46

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92
මෙරට පැතිර යන වකුගඩු රෝගයට හේතු වූ විෂ රසායනික සහිත පොහොර ගෙන්වූ සමාගම් පසුගිය රජය සමයේ දිවිනැගුම ව්‍යාපාරයට උපකාර කළ බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. මේ නිසා එදා මෙම පොහොර සමාගම්වලට එරෙහිව තමන් එදා නැගූ හඬ යටපත් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ තලපත්පිටිය ආදර්ශ වගාවේ පැළ සිටුවීමේ මංගල්‍යයට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වකුගඩු රෝග කාරකයක් ලෙස සැළකෙන කැඞ්මියම් වැඩි ප්‍රතිශතයක් තිබූ පෑලියගොඩ පිහිටි පොහොර සමාගමක තොග ගබඩාවක තිබූ පොහොර තොගයකට පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය මුද්‍රා තැබුවා. ඒ, අමාත්‍ය දුමින්ද දිසානායක බලධාරීන්ට කළ දැනුම්දීමකින් පසුවයි.

මේ අතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල පැතිර යන වකුගඩු රෝගය උතුරුමැදින් වාර්තා වූ වකුගඩු රෝගයට සමාන බව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. රුහුණු විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇතැයි ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories