අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ මාසයක් ඇතුළත

Tuesday, 03 November 2015 - 7:51

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක් ඇතුළත වැඩපිළිවෙලක් ඉදරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයේ  නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහල පෙළේ නිලධාරීන් සමඟ අරලිය ගහ මන්දිරයේ සිකුරාදා පැවති සාකච්ජාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්. අධ්‍යාපනය සඳහා වෙන්කරන ලද මුදල් පසුගිය වසරවලට වඩා සිව් ගුණයකින් ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.

එවැනි අවස්ථාවක වුවද ජාතික අධ්‍යාපන ආයතනය මන්දගාමී ලෙස කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම ඇතුළු එක්සත් ජාතික පෙරමුණ මහ මැතිවරණයට ඉදිරිපත් කළ පංචවිධ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා කාර්යක්ෂමව කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ.

විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. විශේෂයෙන් විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා ලකුණු ලබාදීමේ පටිපාටිය යල් පැන ගිය එකක් බව අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories