පොලිස් පහර කෑ එච්.එන්.ඩී.ඒ. ඩිප්ලෝමා සිසුන්ට උපාධි තත්ත්වය - අන්තරේ පා ගමනට අධිකරණයෙන් තහනමක්

Tuesday, 03 November 2015 - 12:40

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A9%E0%B7%93.%E0%B6%92.+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එච්. එන්. ඩී. ඒ. හෙවත් උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාවට උපාධි සමානතාව ලබාදුන් පැරණි චක්‍රලේඛය යලි බලාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී මෙම පත්‍රිකාව පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවයි.

පසුගියදා උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූයේද තම පාඨමාලාව වානිජවේදී උපාධියට සමාන කිරීම යලි බලාත්මක කරන ලෙස ඉල්ලමින්. එහිදී පොලිසිය සිසුන්ට කදුළු ගෑස්, ජල, බැටන් ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් සිසුන් 09 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර ඉදිරිපිටින් අද දහවල් ආරම්භ කිරීමට නියමිත පාගමනට එරෙහිව පොලිසිය අධිකරණ නියෝග දෙකක් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට මෙතෙක් මෙම අධිකරණ නියෝග ලිඛිතව ලැබී නොමැති නිසා නියමිත පරිදි පාගමන දියත් කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ.

මේ අතර පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පොලිසිය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බලය සංවිධානය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරිපත් කළ පැමිණිලි මානව හිමිකම් කොමිසම ඉදිරියේ විභාගයට ගැනීම අද ආරම්භ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories