Update: අධි බල විදුලි රැහැනක් කඩා වැටී යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු මරුට

Tuesday, 03 November 2015 - 14:00

Update%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගාල්ල - ගිංතොට මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී රියදුරු පුහුණු වෑන් රථයකට අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබළුන් 3 දෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා. පසුව  සිද්ධියෙන් කම්පනයට පත්ව සුළු තුවාල ලැබූ තවත් යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු උපදේශකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. මෙම හමුදා සෙබළුන්  සියලූදෙනා බූස්ස යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනවා.  තවත් සෙබළුන් දෙදෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රැඳී සිටියත් ඔවුන්ට හානියක් සිදුවී නැහැ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඊට අදාළ වාර්තාව හෙට දිනය තුළ ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.



Update: Tuesday, 03 November 2015 - 19:16
-------------------------------------------------------
ගිංතොටදී අධිබලැති විදුලි රැහැනක් කඩාවැටී මියගියේ යුද හමුදා සෙබළුන් - 4කට තුවාල (ඡායාරූප)

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබළුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගිංතොට පල්ලිය ඉදිරිපිට නවතා තිබූ රිය පුහුණු වෑන් රථයක් මතට මෙම අධිබලැති විදුලි රැහැන අද (03) දහවල් කඩා වැටී ඇති බවයි.

පිළිස්සුම් තුවාල ලැබූ තවත් යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු සහ රියදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සෙබළුන් රියදුරු පුහුණුව ලබමින් සිටියදියි මෙම අනතුරට මුහුණදී ඇත්තේ. ඔවුන් සියලූදෙනා බූස්ස යුද හමුදා කඳවුරේ සේවය කරනවා.











 



 












(ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක)

Update: Tuesday, 03 November 2015 - 14:29
-------------------------------------------------------

රිය පුහුණු වෑන් රථයක් මතට අධිබලැති විදුලි රැහැනක් කඩාවැටී 3ක් මරුට - 3කට තුවාල

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගිංතොට පල්ලිය ඉදිරිපිට නවතා තිබූ රිය පුහුණු වෑන් රථයක් මතට  අධිබලැති විදුලි රැහැන අද (03) දහවල් කඩා වැටී ඇති බවයි.

පිළිස්සුම් තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories