අසැබි දර්ශන 818ක් පරිගණකයේ (ඡායාරූප)

Tuesday, 03 November 2015 - 15:39

%E0%B6%85%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+818%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බදුල්ල මධ්‍යම බස්නැතුම්පොල ඉදිරියේ පොදු වෙළද සංකිර්ණයේ පරිගණක ආයතනයක් වටලා එහි තිබු අසභ්‍ය දර්ශන සහිත  වීඩියෝ 818ක් ඇතුලත් පරිගණක උපාංගයක් සමග  40 හැවිරිදි සැකකරුවෙක් ඊයේ (02) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය  පවසයි.

මෙම ස්ථානයෙන් පාසැල් සිසුන්, තරුණයන් සහ ත්‍රිරෝද රථ රියදුන්  පිරිසක්  තම ජංගම දුරකථනවලට  මෙම අසභ්‍ය දර්ශන ඇතුළත් කරගෙන ඇතැයි පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල අන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසියට ලද තොරතුරක් මත  උපායදූතයකු යොදවා  වැටලීම සිදුකර තිබුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.








(ඡායාරූප - බදුල්ල පාලිත ආරියවංශ )


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories