විමල් වීරවංශගෙන් ජනපතිට දීර්ඝ ලිපියක්

Tuesday, 03 November 2015 - 19:43

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දීර්ඝ ලිපියක් යොමුකර තිබෙනවා. ඔහු එමඟින් ඉල්ලා සිටින්නේ මැක්ස්වෙල් පරණගම කොමිසමට අදාළව කැඳවන ලද විශේෂඥ වාර්තා හය ලෝකයට ඉදිරිපත් කරන ලෙසයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා මගින් මෙරට හමුදාවලට බරපතල, අභූත චෝදනා එල්ල කර ඇති බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. දරුස්මාන් වාර්තාවද පදනම් විරහිතව මෙවැනි චෝදනා එල්ල කර ඇති බවයි ඔහු කියා සිටින්නේ. ඒ බව පරණගම කොමිසම කැඳවූ විශේෂඥ වාර්තාවලින් ඔප්පු වන බවද ඔහුගේ ලිපියේ සඳහන්. මේ නිසා එම වාර්තාවල සාක්ෂි, තර්ක, නිරීක්ෂණ හා නිගමන විධිමත්ව සහ තර්කානුකූලව පෙළ ගස්වා ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා. පසුගියදා කැඳවුූ සර්වපාක්ෂික සමුළුවේ මූලික වගකීමක් ලෙස සළකා එය ඉටු කිරීමට ක්‍රියා කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories