පොලිස් පහරදීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විරෝධතා පුවරු ඔසවයි

Tuesday, 03 November 2015 - 19:46

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92
එච්.එන්.ඩී.ඒ. සිසුන්ට කළ පොලිස් පහරදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, විවිධ සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් අද පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක නිරතවුණා. ඒ, අද පැවැත්වුණු විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුව අවට පොලීසිය සහ හමුදාව විශාල වශයෙන් යෙදවීම සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කථානායකවරයාගේ අවධානය යොමු කිරීමත් සමඟයි.

එම අවස්ථාවේදි පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. ඔහු එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවේ ප්‍රශ්නය හොඳින් දන්නේ නම් සිසුන්ට පහරදුන්නේ ඇයිද යන්නයි. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය නැමති අමුතු සතෙකු විපක්ෂය සමඟ ගැටීම ගැටළු සහගත බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories