සිසුවෙකුට ශිෂ්‍ය නායකයෙකු අම්බානෙට ගහලා

Wednesday, 04 November 2015 - 9:04

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%99%E0%B6%A7+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F
තමන්ට පාසලේ වැඩිහිටි ශිෂ්‍ය නායකයන් දරුණු ලෙස පහරදුන් බවට ශිෂ්‍යයෙක් චෝදනා කරනවා. ඔහු මේ වනවිට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු පවසන්නේ පහරදීමෙන් තමන් බරපතල ලෙස දුර්වල වී ඇති බවයි. මෙම ශිෂ්‍යයා ඉබ්බන්ගමුව ජාතික පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඊයේ දිනයේදී ඔහු පාසල තුළදී අදාළ ප්‍රහාරයට ලක්ව තිබුණා.

ඔහුගේ තත්ත්වය බරපතල වන බැවින් ස්කෑන් පරීක්ෂාවකට යොමු වන ලෙස රෝහල් බලධාරීන් ඔහුට දැනුම් දී තිබෙනවා.

ඔහුගේ දෙමව්පියන් සඳහන් කළේ මේ මස 1 වනදා ගොකරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි. පාසලේදී බොහෝ දරුවන්  මෙවැනි පහරකෑම්වලට ලක්වන බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙසත් ඔහුගේ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories