ළමයෙකු ඇතුළත් කර නොගත්තැයි හලාවත පියෙකුගෙන් විරෝධතා

Wednesday, 04 November 2015 - 9:10

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
පාසල ඉදිරිපිට පදිංචිව සිටියත් තම දරුවා එම පාසලට ඇතුළත් කිරීමට නොහැකිවී ඇති බව හලාවත ප්‍රදේශයේ පියෙක් චෝදනා කරනවා. ඔහු පවසන්නේ 2015 පළමු වසරට ළමයින් ඇතුළත් කරගැනීම යටතේ තම දරුවා හලාවත - ආනන්ද ජාතික පාසලට ඇතුළත් කිරීමට අයදුම්පතක්  යොමු කළද එය ප්‍රතික්ෂේප වී ඇති බවයි. තම නිවසට ආසන්නතම පාසල මෙය වීම හේතුවෙන් වෙනත් පාසලකට සිය දරුවා පාසලට නොගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ හේතුවෙන් අදාළ දරුවාගේ මව සහ පියා දරුවාද කැටුව පසුගිය සිකුරාදා පාසල ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා. කෙසේ වෙතත් පාසල් නිල ලාංඡනය සහිත නිල ඇඳුමින් සැරසී දරුවා පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ බවට චෝදනා කරමින් දරුවාගේ මව සහ පියා ඊයේ හලාවත පොලීසියට කැඳවා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories