ශ්‍රී ලංකා පොලිසිය ද ? - මහින්ද රාජපක්ෂගේ පොලිසිය ද ?

Wednesday, 04 November 2015 - 13:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF+%3F+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF+%3F
මාධ්‍යවේදීන්ට තර්ජනය කරන පොලිසිය, මහින්ද රාජපක්ෂගේ පොලිසියම දැයි සැක මතුවන බව පුරවැසි බලය සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මේ බව ප්‍රකාශ කළේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී කැඳවා තිබූ පාගමනක් සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් සිදුකිරීමට ගිය හිරු මාධ්‍යවේදීයාට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බැන තර්ජනය කිරීමේ සිද්ධිය හෙලා දකිමින්.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය ඊයේ කොළඹදී පාගමනක් සංවිධාන කර තිබුණා. මුලින්ම තොරතුරු වාර්තා වූයේ පාගමනක නිතර විශ්වවිද්‍යාල සිසුන් පාර්ලිමේන්තුව දෙසට ද පැමිණෙන බවටයි. ඒ අනුව එම අවස්ථාව ආවරණය කිරීම සඳහා හිරු මාධ්‍යවේදියා ජපන් මිත්‍රත්ව පාලම දෙසින් පාර්ලිමේන්තු මාර්ගයට අවතීර්ණ වන ප්‍රදේශයේ මාධ්‍ය ආවරණයේ නිරතව සිටියා. එහිදී එම ස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප මාධ්‍යවේදියාට බැන තර්ජනය කර මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට බාධා එල්ල කළා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම මෙන්ම, මාධ්‍යවේදීන්ට බැන තර්ජනය කිරීම ද කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

පොලිසියේ මෙම වගකීම් විරහිත හැසිරීම සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි සභාපති ලසන්ත රුහුණගේ ප්‍රකාශ කළේ  ඕනෑම අවස්ථාවක් වාර්තා කිරීමට ජනමාධ්‍යවේදියෙකුට ඇති නිදහස වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි.

මේ අතර, සිසුන්ට පහරදීම සහ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම පිළිබඳ පොලිසියේ ක්‍රියා කලාපය සලකා බැලීමේදී තවමත් පවතින්නේ මහින්ද රාජපක්ෂගේ පොලිසියමදැයි සැක මතුවන බව පුරවැසිබලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories