සිසුන්ට පහරදීමේ සිද්ධියේ වගකීම ආණ්ඩුව මඟ හරිනවා - ඒකාබද්ධ විපක්ෂය

Wednesday, 04 November 2015 - 13:36

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
එච්. එන්. ඞී. ඒ. සිසුන්ට සිදුකළ පොලිස් පහරදීමේ සිද්ධියේ වගකීම, ආණ්ඩුව මඟ හරිමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ විවිධ කමිටු පත් කරමින් ආණ්ඩුව මෙම වගකීම් පැහැර හැරීම සිදු කරන බවයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ මේ වනවිට පාර්ලිමේන්තුව හංසයන්ගේ රඟමඩලක් බවට පත්ව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, බන්දුල ගුණවර්ධන සහ හිටපු විදේශ ඇමති ජී. එල්. පීරිස් ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories