Update: පිල්ලෙයාන් දෙසැම්බර් 10 තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර

Wednesday, 04 November 2015 - 13:44

Update%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+10+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දෙසැම්බර් 10 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදුන්නා. දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනුයි නැගෙනහිර හිටපු මහඇමතිවරයා පසුගියදා අත්අඩංගුවට ගැණුනේ.

ඔහු අද දිනය තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබූ අතර ඒ අනුව යළිත් නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හිටපු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය මෙන්ම ඝාතකයන් පැමිණි වාහනය ද සොයා ගැනීම සඳහා සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකළ යුතු බවයි. කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා තවත් දින 36 ක කාලයක් නැගෙනහිර හිටපු මහඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන්නේ.

Update:  Wednesday, 04 November 2015 - 19:36
---------------------------------------------------------

අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දෙසැම්බර් 10 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා. දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනුයි නැගෙනහිර හිටපු මහඇමතිවරයා පසුගියදා අත්අඩංගුවට ගැණුනේ. ඔහු අද දිනය තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබූ අතර ඒ අනුව යළිත් නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය මෙන්ම ඝාතකයන් පැමිණි වාහනය ද සොයා ගැනීම සඳහා සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකළ යුතු බවයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 10 වනදා දක්වා නැගෙනහිර හිටපු මහඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories