සිංගප්පූරුවේදී පසමිතුරු හමුවක්

Wednesday, 04 November 2015 - 14:05

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
චීන ජනාධිපති ෂී ජින් පිං සහ තායිවාන ජනාධිපති මා යිං ජී අතර විශේෂ සාකච්ඡාවක් සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. එය දිගු කලක් පුරා දෙරට අතර පවතින විරසකය දුරු කර ගැනීමේ ඓතිහාසික සාකච්ඡාවක් ලෙසයි විචාරකයන් හඳුන්වා දෙන්නේ. තායිවානය තමන්ට අයිති භූමියක් ලෙස චීනය හඳුන්වන අතර තායිවාන නායකයන් සහ ජනතාව ඊට දක්වන්නේ දැඩි විරෝධයක්. 1979 වසරේ සිට දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. ප්‍රහාර එල්ල කර හෝ තායිවානය අත්පත් කර ගන්නා බවට චීනය මීට පෙර ප්‍රකාශ කර ඇති අතර 2008 වසරේදී දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡා ද විසඳුමකින් තොරව අවසන් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories