සීදූව - මුතුවාඩිය පාලම අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි

Thursday, 05 November 2015 - 9:46

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%96%E0%B7%80+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කටුනායක  - සීදූව - මුතුවාඩිය පාලම අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඊයේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයා එම යතුරුපැදියෙන්ම පළාගොස් තිබූ බවයි. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ  රද්දොළුගම ප්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන රියදුරෙක්.

මේ අතර ඇල්පිටිය - ඌරගස්මංහන්දිය - රන්තොටුවිල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඌරගස්මංහන්දිය - රන්තොටුවිල ප්‍රදේශයේදී පෙරේදා යතුරුපැදියකින් ගමන් ගත් මෙම තරුණයන් දෙදෙනාට තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබුණා. සිද්ධියෙන් මිය ගොස් තිබුණේ අවුරුදු 23ක සහ 24ක තරුණයන් දෙදෙනෙක්.  කාලයක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සැක පළ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories