පොලීසියෙන් ගුටි කෑ සිසුන්ට උපාධි මට්ටම ලැබෙන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට

Thursday, 05 November 2015 - 12:27

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%91+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
එච්.එන්.ඞී.ඒ. හෙවත් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව උපාධි තත්ත්වයට සමාන කිරීම සඳහා වන 46 යි 90 චක්‍රලේඛය බලාත්මක කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලය වෙත අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. පුහුණුව අවසන් කළ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාධාරින්ට සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීමේ උත්සවයට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට එක්වූ  රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ පසුගියදා එච්.එන්.ඞී.ඒ. සිසුන්ට එල්ලවූ පොලිස් පහරදීම හෙළා දකින බවයි.

මේ අතර උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කොමිසම පත් කළ ත්‍රිපුද්ගල කමිටුව හෙට සහ අනිද්දා අදාළ සිද්ධිය වූ ස්ථානයේ ඒ වනවිට රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතයි. සිසුන්ගේ පාර්ශවයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු මේ වනවිටත්   අවසන් කර ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිසුන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳව වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් සහ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගෙන් ද පොලිස් කොමිසම පසුගියදා ප්‍රකාශ සටහන් කරගත්තා.

පසුගිය 29 වනදා උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරන ලෙස ඉල්ලමින්. එම අවස්ථාවේදී පොලීසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 39 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර, පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ඇප මත මුදා හැරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories