පොලිස් මහත්තයෙක්, පොලිස් මහත්තයෙක්ගේ මුහුණට මුත්‍රා කරලා

Thursday, 05 November 2015 - 12:53

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
කොළඹ උතුර කොට්ඨාශයට අයත් පොලීසියක උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ මුහුණට තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු මුත්‍රා කළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙන බවයි.

කොළඹ උතුර කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයකට මීට දින කිහිපයකට පෙර නවක උප පොලිස් පරීක්ෂකවරයෙක් සේවය සඳහා පැමිණ තිබෙනවා. මෙම උප පොලිස් පරීක්ෂකවරයා සේවයට පැමිණි දිනයේ සිට ඔහු සමඟ, කළක් එම පොලිස් ස්ථානයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් විවිධ මත ගැටුම් ඇති කරගෙන තිබූ බව සඳහන්. මීට දින දෙකකට පෙර රාත්‍රියේ නවක උප පොලිස් පරීක්ෂකවරයා සිය කාමරයේ නිදාගෙන සිටියදී පැරණි උප පොලිස් පරීක්ෂකවරයා පැමිණ ඔහුගේ මුහුණ ප්‍රදේශයට මුත්‍රා කර ඇති බවටයි වාර්තාවී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පතකද අද වාර්තාවක් පළවුණා. එම පුවත්පත් වාර්තාවද මේ වනවිට පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි උසස් පොලිස් නිලධාරියෙකු යටතේ මෙම පරීක්ෂණය සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories