Update : ඒකාබද්ධ විපක්ෂයේ ගම්මන්පිලට නඩු

Thursday, 05 November 2015 - 22:09

Update+%3A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
තමන් මෙරට ආයෝජනය කළ  ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට අධික කොටස් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළට එරෙහිව නඩු පවරන බව ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් පවසනවා. කෙසේ වෙතත්, පසුගිය දා කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සදහන් කළේ අදාළ ව්‍යාපාරිකයාගේ වාණිජ බැංකුවක කොටස් තමන් කූඨ ලේඛනයක් සකසා වංචා කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවයි. එමෙන්ම මේ සියල්ල පිටුපස සිටින්නේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය, පාඨලී චම්පික රණවක බවයි එහිදී ඔහු චෝදනා කළේ.

කෙසේ වෙතත්, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පසුගිය දා සිදුකල මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට  ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ ශ්‍රී ලංකානු ඇටෝනිබලකරු ලෙස කටයුතු කරන ලසිත පෙරේරා කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මෙම මාධ්‍ය හමුව අතරතුර බ්‍රයන් ෂැඩික්ගේ ශ්‍රී ලංකානු ඇටෝනිබලකරු වන ලසිත පෙරේරා අදාළ  ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උදය ගම්මන්පිළට එරෙහිව වංචා සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පවරන බවයි. එමෙන්ම මෙම සිදුවීම පිටුපස කිසිදු දේශපාලනඥයෙකුගේ හස්තයක් නොමැති බවට ද ඔහු ඒ අවස්ථාවේදී බයිබලයේ අත තබා දිවුරුම් දී තිබෙනවා.

Update : Friday, 06 November 2015 - 8:03
-----------------------------------------------------------
ගම්මන්පිල කළේ  නැතිලු - ගම්මන්පිල කළා කියා උත්තර දෙයි

තමන් මෙරට ආයෝජනය කළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට අධික කොටස් නීති විරෝධී ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ට එරෙහිව නඩු පවරන බව ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු පවසනවා.
කෙසේ වෙතත් උදය ගම්මන්පිල පසුගිය දෙවනදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ අදාළ මූල්‍ය වංචාවට තමන්ගේ නම සදහන් කර මඩ ගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories