ඇවන්ට්ගාඩ් වෙනුවෙන් පෙනී සිටි ඇමති තිලක් මාරපනට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

Friday, 06 November 2015 - 8:08

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B4%E0%B6%B1%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
දූෂණ චෝදනා එල්ල වී ඇති ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා වන නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව පුරවැසිබලය සංවිධානය පවසනවා. ඇවන්ට්ගාඩ්  සමාගම පසුගිය රජය සමයේ පැවති දූෂණ සංස්කෘතියේ කැටපතක් බවත් ඔවුන් සාධාරණීකරණය කරන්නේ නම්, එවැන්නෙකු ඇමති තනතුරක් නොදැරිය යුතු බවත් එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපය දූෂ්‍ය වීමට කලින් නීතිය හා සාමය පිලිබඳ වගකියන ඇමති තිලක් මාරපන තනතුරෙන් ඉවත්විය යුතු බව පුරවැසිබලය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන්.

නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඇවන්ට්ගාඩ්  සමාගමට චෝදනා කිරීමට තරම් හේතුවක් නොමැති බවයි.

එහෙත්, පුරවැසිබලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යා නොහැකි නම් ඇමති තිලක් මාරපන ඉල්ලා අස්විය යුතු බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories