සභාපතිවරුන් දෙදෙනෙකු සිටින අමුතු මණ්ඩලයක්

Friday, 06 November 2015 - 14:24

%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම ධුරයට වෙනත් පුද්ගලයෙකු පත් කළ බවට ෆැක්ස් පතක් ලැබුණ ද තනතුරෙන් ඉවත් නොවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පවසනවා. ඔහු කියා සිටියේ තමන් සභාපති ධුරයෙන් ඉවත් කළ බවට නිල ලිපියක් තවමත් නොලැබුණු හෙයින් තවදුරටත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් රාජකාරි කටයුතු සිදුකරන බවයි.

කෙසේ වෙතත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ධුරයට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන එච්.එම්.සිරිසේන හේරත් පත් කළ බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෛද්‍ය නිලංග සමරසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීරගෙන් ඒ පිළිබඳව විමසා සිටියා. රජයේ තීරණයකට අනුව මෙම ලිපිය යොමුකළ බව එහිදී ඔහු සඳහන් කළා. එම ලිපියේ දැක්වෙන්නේ අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩල පනත යටතේ අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතලවලට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වන්නේ තිලක් මාරපනයි. කොළඹ පැවති එච්.එන්.ඞී සිසු විරෝධතාවට පොලිසිය සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ද අමාත්‍ය තිලක් මාරපන පසුගියදා විවේචනයට ලක්වුණා. එමෙන්ම, ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩා සිද්ධිය පිළිබඳව ඔහු සිදුකළ ප්‍රකාශ ද විවිධ පාර්ශවයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories