අග්‍රාමාත්‍යවරයාගේ තිත්ත බේත භයානකයි. - ජී එල්

Friday, 06 November 2015 - 14:26

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B7%9A%E0%B6%AD+%E0%B6%B7%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබදව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය භයානක බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා. ඔහු කියා සිටියේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකකරණයට ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වී ඇති බවයි. හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විද්වතුන්ගේ හඩ සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශය සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රජයේ පොදු ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ඒවායේ අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කළ යුතු බවයි. රට සහ අනාගත පරපුර වෙනුවෙන් ඇතිව තිබෙන තත්ත්වය නිට්ටාවට සුව කර ගැනීමට තිත්ත බෙහෙතක් ලබාදීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories