ඩෙනිමක් නිසා වෙච්ච හදියක් (ඡායාරූප)

Friday, 06 November 2015 - 15:37

%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බිරිය ඩෙනිම් වර්ගයේ කලිසමක් හැඳ  සිටියායැයි කියමින් ප්‍රකෝපකාරීවූ බීමත් සැමියෙකු, යකඩ පොල්ලකින් පහර දී පෙරේදා (04) රාත්‍රියේ බිරිඳ ඝාතනය කොට ඇති බවට වාර්තා වෙයි.

මුතුගල උයන්වත්ත පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තරංගා නිරෝෂිනී කුමාරි මුණසිංහ නොහොත් අමිලා නැමැති දෙදරු මවක් මෙසේ ඝාතනයට  ලක්ව තිබේ.

මරණකාරියගේ සැමියා  සැකපිට ගිරිඋල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිවසෙහි සෑමදිනකම පාහේ ආරවුල් පැවති  බව සඳහන්.

බාල දියණිය මෙම සිදුවීම වන අවස්ථාවේ නිවසේ රැදී ඇති අතර අනෙක් දැරිය මීට මාස කිහිපයකට ප්‍රථම යම් සිදුවීමක් සම්බන්ධව පරිවාස භාරයට පත්කොට ඇත.















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories