අග්‍රාමාත්‍යවරයා කතා කළත්, හඬ නෑසුනේ ඇයි ?

Friday, 06 November 2015 - 18:53

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%84%E0%B6%AC+%E0%B6%B1%E0%B7%91%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
තමා අදහස් දක්වමින් සිටියදී, එක්වරම මයික්‍රෆෝනය ක්‍රියා විරහිත වීම පිළිබඳව වාර්තාවක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකට අද දැනුම් දුන්නා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කෙරුණු අවස්ථාවේදීයි. කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, මහාමාර්ග අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා තිබූ අතර, ඊට පිළිතුරු ලබාදීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මැදිහත් වුණා. එහි එක් අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කරද්දී, මයික්‍රෆෝනය ක්‍රියා විරහිත වූ අතර, ඒ අනුවයි ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories