HNDA ප්‍රහාරය: මහජනතාවත් පොලිස් කොමිසමට

Saturday, 07 November 2015 - 8:13

HNDA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%3A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
HNDA සිසුන්ට සිදුවූ පහරදීම ගැන සත්‍ය තොරතුරු සොයා ගැනීමට සහාය ලබාදෙන්නැයි ජාතික පොලිස් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව ජනතාවට පොලිස් කොමිසම ඊට අදාළව පත් කළ කමිටුවට සඳුදා සහ අඟහරුවාදා අදහස් ඉදිරිපත් කළ හැකියි.                      

 මේ අතර, HNDA සිසුන්ට පොලීසිය පහර දුන් අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතු වූ බැටන් පොල්ලක් තම අමාත්‍යාංශය සතුව පවතින බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (06) ප්‍රකාශ කළා. එසේම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ HNDA හෙවත් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට, වාණිජ විද්‍යා උපාධියක පිළිගැනීම ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

 උපාධි සමානතාව ඉල්ලමින් HNDA ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පසුගිය 29 වනදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඔවුන්ට පොලිස් ප්‍රහාරයකට ලක්වීමට සිදුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories