Update: පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතලයි

Saturday, 07 November 2015 - 13:20

Update%3A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. එහි වැඩබලන මහ කොමසාරිස් රේඛා මල්ලිකාරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන් අද සවස උන්වහන්සේගේ සුවදුක් විමසීමට රෝහල වෙත ගිය බවයි. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කිරීමට රෝහල තුළ සියලූ පහසුකම් ලබාදෙන ලෙස එහි සිටින කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ට උපදෙස්ද ලබාදී තිබෙනවා.

උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලේ රැඳී සිටින එරට විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු කටයුතු සිදුකෙරෙමින් සිටිනවා. ඊට අමතරව උන්වහන්සේගේ සහයට ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්ද එහි රඳවා සිටිනවා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ශ්‍රී ලංකාවේදී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමකට භාජනය කළා. ඉන් අනතුරුව උන්වහන්සේගේ තත්ත්වය බරපතල වූ අතර, ඒ අනුව උන්වහන්සේව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබුවා.

Update: Saturday, 07 November 2015 - 19:15
-------------------------------------------------------------

අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතල වෙමින් පවතිනවා. මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලබන සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලේ ආරංචි මාර්ග මේ බව තහවුරු කළා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, ජනාධිපතිවරයාගේ  උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා  රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළා. එදින මධ්‍යම රාත්‍රී 12ට පමණ සිංගප්පූරුවෙන් ගෙන්වන ලද විශේෂ ගුවන් යානයකින් සෝභිත ස්වාමීන් රෝහල්ගත කිරීම සදහා රැගෙන ගියේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද සමගයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories