'කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමට ජවිපෙන් තොරතුරු' - ගෝඨා, 'සුදු වෑන් යැව්වෙත් අපි කිව් නිසා ද?' - ජවිපෙ

Saturday, 07 November 2015 - 14:36

%27%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%27+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%2C+%27%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%3F%27+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම්, අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දැඩි අවශ්‍යතාවක් පැවතුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ සතිඅන්ත පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින්. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන්ට කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප පවා ලබාදෙමින් ඔහු රැදී සිටින ප්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාදුන් බවයි.

එසේම, ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන්ට ලැබුණු කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප තහවුරු කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙත යැවූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන්නේ අදාළ පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින්.

මේ පිළිබඳව කොළඹ අද (07) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියා පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙන් ප්‍රශ්න කළා.

 ‘‘ සම්පූර්ණයෙන්ම  ඕක අපි ප්‍රතික්ෂේප කරනවා. අපි විස්තර දුන්නා නම්, ඒක එදා කියන්න තිබුණානේ. එතකොට අර සුදු වෑන් එව්වේ, ලලිත්, කූගන් පැහැර ගත්තේ අපි විස්තර දීලා ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපි මතක් කරන්න  ඕනි මේ රටේ මිනිස්සු රට අතෑරලා ගිය පසුගිය ජනාධිපතිවරණ සමයේ තමයි කුමාර් ගුණරත්නම් ලංකාවට එන්නේ. එයා ආවේ ඔවුන්ගේ අපේක්ෂක දුමින්ද නාගමුව දිනවන්න ද?’’ මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශ කළා.  

කෙසේ වෙතත්, අප මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා. එහෙත් ඔහු කෙටි පණිවුඩයක් මගින් අප වෙත දැනුම් දුන්නේ ඔහු මෙම අවස්ථාව වනවිට හම්බන්තොට - මැදමුලනේ පැවැත්වෙන  ඩී.ඒ රාජපක්ෂ ගුණසමරු පිංකම් මාලාවට සහභාගි වී සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories