දිවයිනට නැගෙනහිර දෙසින් බලපා ඇති පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් අද දිනය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිලිමීටර 100 ඉක්මවූ වැසි ලැබිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ රාත්‍රියේ යළි දිස්ත්‍රික්ක 05 ක් සඳහා නායයෑම් අනතුරු නිවේදනයක් නිකුත් කළා. ඒ, ඉදිරි පැය 24 ක කාලයක් සඳහායි. ඒ අනුව බදුල්ල, නුවරඑලිය, කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අවදානම් සහගත නිවේදනය බලපානු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර කියා සිටියේ.
මේ අතර මී ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ විවෘත කර තිබෙනවා. ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති අතර රාජාංගණය සහ දැදුරු ඔය ජලාශවලද වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා. කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවන බවයි හිරු ප්‍රාදේශීය වාර්ාතාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories