ජලාශවල ජල මට්ටම් ඉහළට

Sunday, 08 November 2015 - 12:41

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වැසි කාලගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ හැත්තෑ තුනේම ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර, ඉන් ජලාශ කිහිපයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියේ වෙහෙරගල, දැදුරුඔය, ඉඟිනිමිටිය, තබ්බෝව, රාජාංගනය සහ නාච්චදූව ජලාශවල වාන්දොරටු දෙක බැගින් විවෘත කර ඇති බැවින් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර පුත්තලම - මන්නාරම මාර්ගය - එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ග භාවිතා කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.

දිවයිනට නැගෙනහිර දෙසින් බලපා ඇති පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබිය හැකි අතර, උතුර සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.ඒ ජයසිංහආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories