රැඳවියන් පිරිසක් යළිත් උපවාසයක

Sunday, 08 November 2015 - 12:49

%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
පල්ලෙකැලේ - දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ ඊයේ දිනයේදී තමන් අදාළ රැඳවියන් හමුවූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ලිපියක් ද තමන් වෙත ලැබුණු බවයි. මරණීය දණ්ඩනය නියමවූ රැඳවියන් පිරිසක් ඊයේ මෙම උපවාසය ආරම්භ කළ අතර, ඔවුන් ලබාදුන් ලිපිය අද දිනයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර කොළඹ - මැගසින්, අනුරාධපුරය සහ මඩකලපුව බන්ධනාගාරවල ද එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු දෙමළ රැඳවියන් පිරිසක් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින 6 ක් උපවාසයේ නිරත වුණා. එහිදී ඔවුන්ගේ ගැටලූවලට කඩිනම් විසඳුම් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දු මත එම උපවාසය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories