ලූතිනන් වෙඩිතියා ගත්තේ ප්‍රේමයට

Sunday, 08 November 2015 - 19:56

%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
අම්පාර - කොන්ඩුවටුවාන යුද හමුදා කඳවුරේ ලූතිනන්වරයෙකු සිය දිවි හානි කර ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවක් බවට අනාවරණ වී තිබෙනවා. ඔහුගේ ජංගම දුරකථනයේ තිබී ඒ බව තහවුරු වීමට අවශ්‍ය කෙටි පණිවුඩ කිහිපයක් ද හමුවූ බවයි අම්පාර පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. ටී - 56 ගිනි අවියක් උපයෝගී කර ගනිමින් අද (08) පෙරවරුවේයි 27 හැවිරිදි ලූතිනන්වරයා සිය හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබුණේ. ඔහු එම යුද හමුදා කදවුරේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, කුරුණෑගල - මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories