පොරොන්දුවට අත්හරී

Monday, 09 November 2015 - 8:34

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
මරණ දඬුවම  ලිහිල් කරන ලෙස ඉල්ලා පල්ලෙකැළේ දුම්බර බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පල්ලෙකැළේ - දුම්බර බන්ධනාගාරයේ රැදවියන් මෙම උපවාසය ආරම්භ කළේ මීට දින දෙකකට පෙරයි. ඒ සඳහා මරණ දඩුවම නියම වූ රැදවියන් 115 දෙනෙකු පමණ එක්ව සිටින බවයි බන්ධනාගාර ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ රැදවියන් කිහිප දෙනෙකු ද ඊයේ පස්වරුවේ එහි වහලය මත නැග, විරෝධතාවක් ආරම්භ කළා. කෙසේ වෙතත් ඔවුන්ට කරුණු පැහැදිළි කිරීමෙන් අනතුරුව ඊයේ (08) රාත්‍රී 9 ට පමණ එම විරෝධතාව නතර කළ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

පල්ලෙකැළේ - දුම්බර බන්ධනාගාරයේ උපවාසයේ නිරත රැදවියන් හමුවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර ඊයේ එහි චාරිකාවක නිතර වුණා. එම අවස්ථාවේදී ඔවුන් සමඟ සාකච්ඡා  කිරීමේදී රැදවියන් සදහන් කර ඇත්තේ තමන්ට හිමිව ඇති මරණ දඬුවම වසර 20ක සිර දඩුවමක් දක්වා ලිහිල් කරන ලෙසයි. ඊට අදාළව ඔවුන්ගෙන් ලැබුණු ලිපියක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට ද කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories