නත්තල් දිවයිනේ කැරැල්ලක්

Monday, 09 November 2015 - 12:56

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ නත්තල් දිවයිනේ රඳවා සිටින සරණාගතයින් එක්ව කැරැල්ලක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගිය සෙනසුරාදා ඉරාන ජාතිකයෙකු මියයෑමේ සිද්ධියත් සමඟයි. මෙම ඉරාන ජාතිකයා සරණාගත කඳවුරෙන් පැනයාමෙන් පසුව ඔහුගේ මළ සිරුර හමුවී තිබෙනවා. මෙම මරණය ඝාතනයක්ද නැතහොත් ස්වභාවිකව සිදුවූයේද යන්න පිළිබඳව සැකයක් මතයි නත්තල් දිවයිනේ රඳවා සිටින පුද්ගලයින් මෙලෙස කැරැල්ලක් ආරම්භ කර ඇත්තේ. කළහකාරීව හැසිරෙන ඇතැම් පිරිස් දේපළවලට හානිකරමින් ගිනි තබා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා. නත්තල් දිවයිනේ ආරක්ෂාවට යොදවා සිටි භටයින්ද මේ වනවිට එම ස්ථානයෙන් ඉවත්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories