Update : දකුණේ පෞද්ගලික බස් වර්ජනය අවසන්

Monday, 09 November 2015 - 13:02

Update+%3A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අලූත්ගම, කළුතර, මතුගම ඇතුළු දකුණු පළාතේ නගර රැසකින් කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථ ආරම්භ කර තිබූ වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. තම ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් පොරොන්දු වීමත් සමඟ එම වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි දකුණු පළාත් පෞද්ගලික බස් සම්මේලනයේ සභාපති චන්දන සොයිසා කියා සිටියේ.

Update : Monday, 09 November 2015 - 14:34
-----------------------------------------------------

බස් වර්ජනය තවදුරටත්

අලූත්ගම, මතුගම, කළුතර පර්යන්තවලින් ආරම්භ කෙරෙන සියලූම පෞද්ගලික බස් රථ සහ ඇල්පිටිය - කොළඹ,  අලූත්ගම, මතුගම, කළුතර පර්යන්තවලින් ආරම්භ කෙරෙන සියලූම පෞද්ගලික බස් රථ සහ ඇල්පිටිය - කොළඹ, පානදුර - කොළඹ පෞද්ගලික බස් රථ ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මකයි.

කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයෙකු අලූත්ගම - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයෙකුට පසුගිය 5 වනදා පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අලූත්ගම, මතුගම සහ කළුතර පර්යන්තවලින් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කළා. පසුව ඊට සහයෝගය දක්වමින් ඇල්පිටිය -  කොළඹ සහ පානදුර කොළඹ පෞද්ගලික බස් රථද වර්ජනයට එක්වුණා. අද පෙරවරුවේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථවලට අලූත්ගම ප්‍රදේශයේදී පහරදීමක්ද  සිදුව තිබෙනවා.

ඊට විරෝධය දක්වමින් ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන සියලූම පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කළා.  කෙසේ වෙතත්  දැනට පවතින වර්ජනයට විසඳුමක් ලබාගැනීම සඳහා නාරාහේන්පිට ශ්‍රී ලංගම මූලස්ථානයේ ප්‍රවාහන අමාත්‍යවරයා සහ වර්ජනයේ නිරත බස් සංගම් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories