කුමාර් ගුණරත්නම් පැහැරගත්තාට ගෝඨාභයගෙන් ප්‍රශ්න කළ යුතුයි - අනුර කුමාර කියයි

Monday, 09 November 2015 - 13:05

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2012 වසරේ කුමාර් ගුණරත්නම් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට දැඩි අවශ්‍යතාවක් තිබූ බව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ අනාවරණ කළා. සති අන්ත පුවත්පතකට සාකච්ඡාවක් ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ  ජවිපෙ නායකයා තමන්ට කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප ලබාදෙමින් ඔහු රැදී සිටි ප්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාදුන් බවයි.  

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම අනාවරණයෙන් පසුව පළමුවරටයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට පිළිතුරු ලබාදුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories