ඇවන්ගාඞ් සිද්ධිය පිළිබඳව සියලූ පාර්ශව සහභාගීත්වයෙන් රැස්වීමක්

Monday, 09 November 2015 - 14:00

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇවන්ට්ගාඩ්  සිද්ධියට අදාළව ආරක්ෂක අංශ ඇතුලූ සියලූ පාර්ශව සහභාගිවන රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා  කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණා.  

 අද පැවති විශේෂ කැබිනට් රැස්වීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ පෞද්ගලිකව සොයාබලන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. එසේම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා  වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories