අගමැතිගේ නව යෝජනාවට ජවිපෙ විරෝධය

Monday, 09 November 2015 - 19:15

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල එක් කර නව අරමුදලක් පිහිටුවීමට අගමැතිවරයා කර ඇති යෝජනාව, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සතු අයිතිය පැහැර ගැනීමේ උත්සාහයක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොළඹ අද පැවැති තවත් මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, සේවක අර්ථ සාධක සහ භාරකාර අරමුදල එක් කර සකස් කරනු ලබන නව අරමුදල සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදුන්නා. ඔහු එහිදී කියා සිටියේ මෙම අරමුදල් දෙක ඒකාබද්ධ කිරීමෙන් එහි හිමිකාරීත්වය දරණ සේවකයින්ට කිසිදු හානියක් සිදුනොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories