HNDA පහරදීමේ වාර්තාව ලබන සතියේ අගමැතිට

Tuesday, 10 November 2015 - 8:58

HNDA++%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
HNDA  සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව ලබන සතිය තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබාදෙයි.

පොලිසිය පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවනදා කමිටුවක් පත් කරනු ලැබුවා. එහි සභාපතිත්වය දරන්නේ  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස් බටගොඩයි.

ඊයේ (09) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී මෙම කමිටුව රැස්වූවා. ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ HNDA  පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ සිසුන් 7 දෙනෙකු සහභාගි වුණා. මෙම කමිටුව - උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ පොලිස් නිලධාරින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.                                 

ඊයේ සාකච්ඡාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසිංහගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ HNDA පාඨමාලාවට උපාධි සමානාත්මතාවය ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩලය ගත් තීරණය තමන්ට ලිඛිතව ලැබී නොමැති බවයි.

මේ අතර, HNDA සිසුන්ට පහරදීම ගැන මහජන සාක්ෂි විමසීම ඊයේ දිනයේ ආරම්භ කළා.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේ පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මෙලෙස සාක්ෂි ලබාදිය හැකි බවයි. HNDA  සිසුන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ පසුගිය සඳුදායි.

ඒ අනුව මේ වනවිට සිද්ධියට අදාළ ශිෂ්‍යයින්ගේ සහ සිසුන්ට පහරදෙන අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
 උපාධි සමානාත්මතාවය ඉල්ලමින් HNDA  ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පසුගිය 29 වනදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වු අතර එහිදී පොලීසිය ඔවුන්ට කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා.  කෙසේ වුවත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම ඩිප්ලෝමාවට උපාධි සමානාත්මතාවය ලබාදීමට තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories