ඡන්ද ප්‍රතිඵලය කුමක් වුවද - ව්‍යවස්ථාවට අනුව 25%ක් හමුදාවට

Tuesday, 10 November 2015 - 10:21

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AF+-+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+25%25%E0%B6%9A%E0%B7%8A++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
මියන්මාර මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් පසුවන අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ ආධාරකරුවන් සිය ජයග්‍රහණය සමරමින් සිටිනවා.

ආධාරකරුවන් විශාල පිරිසක් අවුන්සාන් සුකීගේ නිවස ඉදිරිපිට රැදී සිටිමින් ජයඝෝෂා පවත්වනවා.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව මියන්මාර පාර්ලිමේන්තුවේ ආසන 54න් 48ක ජයග්‍රහණය හිමිව ඇත්තේ අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයටයි.

මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 70ක් තම පක්ෂය ලබා ගන්නා බව  අවුන්සාන් සුකී විශ්වාසය කරයි.  

නිකුත් කළ ප්‍රථිපල මුල්  ආසන දොළහම ජය ගෙන ඇත්තේ විපක්ෂයයි.

හමුදා සහය ලබන එක්සත් සහයෝගිතා වර්ධන පක්ෂය (USDP) 2011 පටන් මියන්මාරයේ පාලනය හිමි කර ගෙන සිටියා.

ඊට පෙර මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයක්.

ඡන්ද ප්‍රතිඵලය කෙසේ වෙතත් රටේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 25ක් මියන්මාරයේ හමුදාවට වෙන් කර ඇත.

එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කර ගැනීමට නම් විපක්ෂයට අඩු තරමින් තුනෙන් දෙකක බලයක් හිමි විය යුතුයි.

විපක්ෂයට බලය හිමි වුවත් රටේ ව්‍යවස්ථාවට අනුව අවුන් සාන් ට ජනාධිපති පදවියට පත්විය නොහැකියි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories