'දේ්ශපාලන සිරකරුවන් නිදහස් කරන්න' - ජනපතිට සංදේශයක්

Tuesday, 10 November 2015 - 13:24

%27%E0%B6%AF%E0%B7%9A%E0%B7%8A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%27++-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය අද (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සංදේශයක් භාර දුන්නා. එහි කැදවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන සුන්දරම් මහේන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් අදාළ සංදේශය භාර දුන් බවයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළු දෙමළ රැදවියන් නිදහස් කරන බවට රජය ප්‍රකාශ කිරීම දෙමළ සන්ධානය රැවටීමක් බවයි.

ආණ්ඩුව බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. රැදවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රංගනයක යෙදී සිටින බව ද ඊයේ දිනයේදී උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ද ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ රැදවියන් 107 දෙනෙකු සහ අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ රැදවියන් 29 දෙනෙකු ආරම්භ කළ උපවාසය මේ වන විටත් ක්‍රියාත්මකයි. තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ රැදවියන් පිරිසක් බන්ධනාගාර කිහිපයක මීට පෙර ද දින 6ක උපවාසයක් ක්‍රියාත්මක  කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories