ඇවන්ට්ගාඩ් ගැන විශේෂ රැස්වීමක් හෙට

Tuesday, 10 November 2015 - 13:39

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A++%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ සියලූ පාර්ශවයන් සහභාගි වන විශේෂ රැස්වීමක් හෙට පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ බේරුවල ඊයේ (09) පැවැති උත්සවයකට එක්වෙමින්.

 ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ආරක්ෂක අංශ ඇතුලූ සියලූ පාර්ශව සහභාගිවන රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරුණේ ඊයේ පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ මෙම කැබිනට් රැස්වීම පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරවඇවන්ට්ගාඩ් සිදුවීම මුල් කර ගනිමින් නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් තිලක් මාරපන ඊයේ ඉල්ලා අස්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories