අලුත් හැඳුනුම්පතේ වෙනස

Tuesday, 10 November 2015 - 16:14

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83
ජාතික හැඳුනුම්පතට ඉලක්කම් 9ක්  හා ඉංග්‍රීසි V  අක්ෂරය සහිතව නිකුත් කරනුයේ 1972 වසරේ සිටයි. එම කාලයේ  ඇතැම් අවස්ථාවල V වෙනුවට   X  අක්ෂරය ද නිකුත් කර ඇත.

කෙසේ වෙතත් නව හැඳුනුම්පතක් පිළිබඳව දැන් වැඩි අවධානය යොමුව තිබේ. නව හැඳුනුම්පතට  ඉලක්කම් 12කි. එහි  ඉංග්‍රීසි අක්ෂරය නැත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් හඳුනාගැනීම සඳහා හැඳුනුම්පතක් නිකුත් කරනුයේ  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවයි.  එම කටයුතු සිදුවනුයේ 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන අනුවයි.  

හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී නිශ්චිත වූ හැඳුනුම්පත් අංකයක් ලබා දෙන්නේ ගණිතමය සූත්‍රයකට අනුවයි. කෙසේ වෙතත් හැඳුනුම්පත් අංකවල දෝෂ සහගත තත්වයන් පිළිබඳ වාර්තා වූ අවස්ථා බොහොමයක්  තිබුනා.

භාවිත කරන ගණිතමය ක්‍රමවේදයේ ගැටලුකාරී තත්ත්වයක්  හටගෙන තිබෙන  බව ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කියවෙයි. ඒ අනුවයි නව හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත්තේ.

නව හැඳුනුම්පතේ

ඉලක්කම් 9 ඉවත්ව 12ක් වෙයි.
ඉංග්‍රීසි V අක්ෂරය හෝ වෙනත් අක්ෂරයක් නැත.
නව හැඳුනුම්පත් අංකද ගැහැණු අංක හා පිරිමි අංක ලෙස වර්ග කෙරෙනු ඇත.

රටේ සංවර්ධනයට හා රාජ්‍ය සේවය කාර්යක්ෂමව මහජනතාවට ලබා දීමට, තාක්ෂණය භාවිතා කිරීමේ වැඩ පිළිවෙල යටතේ දැනට පවතින ජාතික හැඳූනුම්පත වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නවීන ආරක්ෂිත සංකේත සහිතව විද්‍යුත් ජාතික හැඳූනුම්පතක් ලෙස නිකුත් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන ඇත. ඒ අනුව අවුරුදු 15 ට වැඩි සියළුම ලාංකික පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළත් දත්ත පද්ධතියක් සකස්කර එමඟින් විද්‍යුත් ජාතික හැඳූනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මාස 11 ක් තුළ එකම පුද්ගලයෙකුට වැරදි හැඳුනුම්පත් තුනක් සහ වෙනත් අයෙකුගේ උප්පැන්න සහතිකයක් ලැබීමේ පුවතක් දඹුල්ල ඉනාමලූව ප්‍රදේශයෙන් වාර්තාවුයේ පසුගිය සතියේ.

හැඳුනුම්පත නැතිවීම නිසා ඔහු නැතිවූ හැඳුනුම්පතේ පිටපතක්ද සමඟින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යවා තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට ඊට ප්‍රථමයෙන් ලැබී ඇත්තේ උපන් දිනය වෙනස්වූ හැඳුනුම්පතක්. ඉන් අනතුරුව එහිද පිටපතක් සහිතව නැවත යැවූ පසු ඒ වෙනුවට ලැබී ඇත්තේ වැරදි අංකයක් සහිත හැඳුනුම්පතක් වන අතර, එහිද පිටපතක් නැවත යැවූ පසු ලැබුණේ උපන් දිනය වැරදි හැඳුනුම්පතක් වීම විශේෂත්වයක්. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් දඹුල්ල ඉනාමළුව පදිංචි කණිෂ්ක ඩිලාන් වැඩිදුරටත් සඳහන් කළේ තම උප්පැන්න සහතිකයේ මුල් පිටපත ලෙස ලැබුණේ ගිරාඳුරුකෝට්ටේ පදිංචි අයෙකුගේ උප්පැන්න සහතිකයක් බවයි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories